කොරෝනා අසාධනය වූ හා නිරෝධායනය වූ පුද්ගලයින් පිටත් කර හැරීම පිළිඹද IDH රෝහලෙන් පැහැදිළි කිරීමක්

නිරෝධායනය අවසන් කළ තවත් 163 දෙනෙකු අද (26) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බවත් ඊයේ (25) දිනයේ ද පුද්ගලයින් 144 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගිය බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එමෙන්ම නව කොරෝනා ආසාදිතව මේවනවිට IDH උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් පිළිබඳව ද කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා මේ අයුරින් අදහස් දැක්වූවා.

“දැනට රෝගය වැළඳී ඇති අයගෙන් 03 දෙනෙක් පමණක් තරමක් අසාධ්‍ය තත්ත්වයේ සිටිනවා. අනෙක් අය සාමාන්‍ය තත්ත්වයන් යටතේයි ප්‍රතිකාර ලබන්නේ. අද දිනයේත් රෝගීන් සුව වී රෝහලෙන් පිට කර යැවීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලැබෙන වෛද්‍ය වාර්තා අනුව. අපි රෝගියෙක් නිවසට පිටත් කරලා යවනකොට ඔහුට ඒ රෝගය නෑ කියලා වෛද්‍ය වාර්තා දෙකක්ම තහවුරු කරගෙන තමයි පිටත් කරලා යවන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *