කේරළ ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු මීරිගමදී අත්අඩංගුවට

මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා යතුරුපැදියකින් එම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (14) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් අතර නාවික හමුදාවේ හිටපු සෙබලෙකු ද සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *