අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි කෙරවලපිටිය කසල බැහැර කරන අංගනයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර යවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව තහවුරු කළේය. ගින්න අවට ප්රදේශවලට පැතිරීම වැලැක්වීම සඳහා බලධාරීන් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටී.
දුමාරය සහ වාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් අවට පදිංචිකරුවන්ට සහ මගීන්ට ප්රවේශම් වන ලෙස උපදෙස් දෙනු ලැබේ.


