කුරුණෑගල රෝහලේ ඇතිවූ ගින්නට හේතුව රසායනික ප්‍රතික්‍රියාවක්

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාව සහිත සිව්මහල් ගොඩනැගිල්ලේ ඊයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ බවත්, එමඟින් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් පොලිසිය පවසනවා.

පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ සෞඛ්‍ය සේවකයෙකු විසින් අධී සාන්ද්‍ර විෂබීජ නාශකයක් බිම වැටීමෙන් අනතුරුව එම රසායන ද්‍රව්‍ය සමඟ ජලය මුසුවීමෙන් සිදුවූ ප්‍රතික්‍රියාව මෙම ගින්නට හේතුවී ඇති බවයි.

ගින්නට මැදිව සිටි රෝහල් සේවකයින් සිව් දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමටද පොලිසිය සමත්ව තිබෙනවා. එමෙන්ම සිදුව ඇති අලාභය තක්ෂේරු කිරීම ඇතුළු වැඩකටයුතු කිපයත් තවදුරටත් සිදුවෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *