මිනුවන්ගොඩ

කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න

මොනයම් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන්ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

ඒ අනුව ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවත් මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින අදාළ අංශ සතුව ඇති බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *