කුඩු ජාවාරම්කරුවකු හා පොලිස් නිළධාරියකු අඩි 15ක ප්‍රපාතයකට පෙරළේ

කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට එම සැකකරු පසුපස දිවගිය පොලිස් නිළධාරියෙකු අදාළ සැකකරුවාද සමඟ අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත.

මිගමුව සිට මාතලේ උකුවෙල උඩතැන්න බටදොඹ ප්‍රදේශයට වෑන් රථයකින් කුඩු හා ගංජා ප්‍රවාහනය කරමින් තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා අදාළ වෑන් රථය නතර කිරීමට උත්සහ ගෙන තිබේ. එහිදී සැකකරුවන් පොලිස් අණ නොතකා වාහනය ධාවනය කර තිබුණු අතර
පොලිස් යතුරුපැදි යොදා ගනිමින් අදාළ වෑන් රථය පසුපස හඹා ගොස් එය නවත්වා තිබේ. එහිදී අදාළ සැකකරු වහනය නවතා ප්‍රපාතයක් දෙසට දුවගොස් තිබෙන අතර, එහිදී සැකකරු සහ ඔහු පසුපස හඹා ගිය නිළධාරියා අඩි 15ක ප්‍රපාතයට පෙරළි තිබේ. අනතුරුව තුවාල ලැබූ සැකකරු සහ පොලිස් නිළධාරියා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇත.

පසුව සිදුකළ සෝදිසි කිරීම් වලදි සැකකරු සතුව තිබී කුඩු මිලිග්‍රෑම් 2210 ද වෑන් රථයේ තිබී කුඩු මිලිග්‍රෑම් 1400ක් සහ ගංජා මිලිග්‍රෑම් 27200ක් ද සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *