ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ වට්ටෝරු වලට පමණයි

ජනතාව වෙත ඖෂධ නිකුත් කිරීම වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් සිදු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් වලින් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මේ මොහොතේ ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් විසින් කියා සිටින රෝග ලක්ෂණ අනුමාන කොට ඖෂධහල් හිමියන් කිසිවිටෙකත් ඖෂධ අලෙවි කිරීම හෝ නියම කිරීම සිදු නොකළ යුතු බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

ඒ අනුව සෞඛ්‍ය ජනරාල්වරයා අවධාරණය කර සිටින්නේ ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාව වෙත ඖෂධ ලබා නොදිය යුතු බවයි. එමෙන්ම ඊට පටහැනිව ක්‍රියා කිරීම ඖෂධ අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ‍එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *