ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීම පිළිඹද සංශෝධිත නිවේදනය

අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව පහත සදහන් ආකාරයට විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක හා සම්පුර්ණ නිරෝධායනයට (Lockdown) යටත් කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධහල් පෙරවරු 9.00 සිට දහවල් 2.00 දක්වා විවෘතව තැබේ.

එමෙන්ම ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මිට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන ඇනවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සැලැස්වීමට පියවර ගනු ලැබෙන බවත් ජනාධිපති කාර්ය සාධක බලකාය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *