එස් ඕ එස් ගම්මානවල කොවිඩ් ආසාදිතයින් බොහොමයක්

කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් එස් ඕ එස් ගම්මාන වෙත පිටස්තර පුද්ගලයින් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව මේ වනවිට එස් ඕ එස් ගම්මාන 6හි සියලු ව්‍යාප්ති ද තාවකාලිකව අත්හිටුවා ඇති බව එස් ඕ එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසීය.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසුවේ මේ වනවිට එස් ඕ එස් ළමා ගම්මාන ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙක් හමුවී ඇති බවත් ඊට ළමයින්ද අයත් වන බවත්ය.

ඒ අනුව,

පිළියන්දල:

නේවාසික දරුවන් සහ තරුණ තරුණියන් 40
මව්වරුන් සහ නේවාසික කාර්ය මණ්ඩලය 08
නේවාසික නොවන තරුණ තරුණියන් සහ කාර්ය මණ්ඩලය 42

අනුරාධපුරය: 10

යාපනය: 04

ගාල්ල: 02

මොනරාගල: 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *