පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දිගේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීමේ සැලසුමට ප්‍රදේශවාසීන් විරෝධය

පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාව සඳහා ඉදිකර ඇති රළපනාවෙහි පිහිටි දැවන්ත කළු ගල් ඉවත්කොට එම ඉපැරැණි වැව් බැම්ම දිගේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීමට සැලසුම් කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් විරෝධය පළ කරයි.

දිගින් කිලෝමීටර් 1.7 ක හා පළල අඩි 08 කින් සමන්විතව ඉදිකිරීමට නියමිත ඇති එම නව ශරීර සුවතා මන්තීරුව වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 32ක් බව වාර්තා වෙයි.

දැනට දින 03කට පමණ ඉහතදී ආරම්භකර ඇති මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රදේශවාසී ජනතාව හා මහා සංඝරත්නය පෙන්වා දෙති.

මෙහිදී මහා සංඝරත්නය විසින් මෙම ක්‍රියාවට මැදිහත්ව සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුවවේ බලධාරින් එම ස්ථානයට කැඳවන ලෙස එහි වැඩ භාරව සිටි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පරාක්‍රම සමූද්‍රය භාර වාරි ඉංජිනේරුවරයා, පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ලේකම්වරයා පැමිණියේය.

එහිදී රැස්ව සිටි පිරිසගේ විරෝධය එල්ලවීම නිසා එහිදි උණුසුම් තත්ත්වයක් ද හටගනු ලැබීය.

මෙම සංවර්ධන කටයුත්ත නවත්වන බවට හා එම යන්ත්‍ර ඉවත්කරගන්නා බවට එම නිලධාරීන් ලබාදුන් පොරොන්දුව පරිදි මහාසංඝරත්නය හා ප්‍රදේශවාසී ජනතාව එම ස්ථානයෙන් සාමකාමීව විසිර ගිය බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *