එදිරිවාදිකම්

ඉතිහාසයේ සහෝදර සහෝදරියන් අතර සිදුවු එදිරිවාදිකම්

ඔබටත් සහොදර සහෝදරියන් සිටිනවා නම් ඔබ අතීතයේ හෝ වර්තමානයේ ඔවුන් හා එදිරිවාදිකම් ඇතිකරගෙන තිබීමට ඇති ඉඩකඩ බොහෝ වේ. කුඩාකල නිතර ගැටුම් ඇතිවුවත් වයසින් මුහුකුරා යද්දී බොහෝ විට මෙම එදිරිවාදිකම් ස්වභාවයෙන්ම සමනය වුවද අදටත් වැඩුනු සහෝදර සහෝදරියන් අතර කුරිරු එදිරිවාදිකම් නිසා සිදුවන අපරාධවල අඩුවක් නම් නොමැත.

අතීතයේ සිටම සහෝදර සහෝදරියන් එකිනෙකා සමඟ සටන් කර ඇත. හුදෙක් වාද විවාද හෝ තර්ක කිරීම පමණක් නොව, ඇත්ත වශයෙන්ම සටන් කළේය. ඉතිහාසය පුරාම සහෝදරයන් ධනය හා බලය ලුහුබැඳීමේදී තමන්ගේම සහෝදර සහෝදරියන්ට එරෙහිව යුද්ධයට ගොස් ඇති අවස්ථාවන් බොහෝ වන අතර ඉතිහාසයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඔවුන්ගේම සහොදර සහෝදරියන් සිරගත කර හෝ මරා දමා ඇති බවට ඉතිහාසය සාක්කි දරයි.

ඉතිහාසයේ සමහර සහෝදර සහෝදරියන්ගේ එදිරිවාදිකම් නිසා ඇතිවු සිද්ධිදාමයන් ඉතා ප්‍රසිද්ධ අතර සමහරක් එතරම් ප්‍රසිද්ධ නැත. මෙම ලිපිය තුලින් අපි ඉදිරිපත් කරන්නේ වඩාත් තීව්‍ර හා ඉතිහාසික වශයෙන් වැදගත්, සහෝදර සහෝදරියන්ගේ එදිරිවාදිකම් කිහිපයක් පිළිබද වු වෘතාන්ත කිහිපයකි.

 

  • ජැකී කෙනඩි සහ ලී රැඩ්සිවිල් සහෝදරියන් සැමවිටම අනෙකා අභිබවා යාම තම එකම ඉලක්කය කරගත් සහෝදරියන් වු බැවින් එක් අයෙකු ජනාධිපතිවරයකු සමඟ විවාහ වන සිට අනෙකාට කුමරෙකු හිමි විය

Lee and Jackie Bouvier
ජැකී කෙනඩි සහ ලී රැඩ්සිවිල්

ජෝන් එෆ් කෙනඩි ගේ බිරිඳ වන ජැකී කෙනඩි සහ ප්‍රකෝටිපති ඇරිස්ටෝටල් ඔනාසිස් පිළිබඳ චරිතාපදානයන් රාශියක් ඉතිහාසය පුරාවට දක්නට ලැබේ.

ඉන් කිහිපයක දී ජැකී කෙනඩි ධනවත් හා බලවත් පුරුෂයන් සමඟ තිබු සබඳතාවලින් ඔබ්බට ගොස් ඒ වෙනුවට ඇගේම සහෝදරිය සමඟ ඇති සම්බන්ධතාවය කෙරෙහි අවධානය යොමු කර ඇත. සහෝදරියන්ගේ සම්බන්ධතාවයේ නිශ්චිත සත්‍යය කිසි විටෙකත් නොදැන සිටියද, බොහෝ අය කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර දැඩි එදිරිවාදිකම් තිබු බවයි. සමහර විශාරදයින්ට අනුව, ලී රැඩ්සිවිල් ඇගේ බාල සොහොයුරිය කෙරෙහි ඊර්ෂ්‍යාව සහ අමනාපයක් ඇති කර ගත් අතර අවසානයේ එය ඉතිහාසයට එක්වීමට තරම් වූ දැඩි එදිරිවාදිකමක් විය.

ලී සහ ජැකී බුවියර් ඉතා වරප්‍රසාද ලත් පවුලක හැදී වැඩුන අතර මුල සිටම දෙදෙනා අතර තරගකාරි බවක් පැවතුනි. පියා ජැකීට පක්ෂව සිටි අතර ඇයට තමාගේ නම් තැබීම පවා සිදුකලේය. බාල සොහොයුරිය ඇගේ ප්‍රියතමයා බව ඔවුන්ගේ මව නිතර ඇගවූ අතර මෙම තත්වය දෙදෙනාගේ තරගකාරිබව ත්‍රීව කිරිමට හේතු වු බව සැලකේ.

ආදරය හෝ පක්ෂපාතිත්වය වැනි හැඟීම්බර ඕනෑම දෙයකට වඩා ධනය හා බලය අත්පත් කර ගැනීම ජීවිතයේ අවසාන ඉලක්කය විය යුතු යන සිතුවිල්ල ඔවුන්ගේ මව කුඩා කලම ඔවුන් තුළ රෝපණය කල අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සහෝදරියන් දෙදෙනාම එකිනෙකාව අභිබවා යාමට උත්සාහ කළහ. මෙවන් පසුබිමක් තුල, ජැකී නැගී එන දේශපාලන තරුවක් වන ජෝන් එෆ් කෙනඩි සමඟ විවාහ වූ විට, ලී විසින් පෝලන්ත කුමරු ස්ටැනිස්ලෝ ඇල්බ්‍රෙක්ට් රැඩ්සිවිල්ව ඔහුගේ පළමු විවාහයෙන් පැහැර ගත්තේය. එක් සහෝදරියක් ජනාධිපති ආර්යාව වූ අතර අනෙක් සහෝදරිය කුමරියක් බවට පත්විය.

මෑත කාලීන චරිතාපදානයකට අනුව, සහෝදරියන් දෙදෙනා එක් වරක් නිවාඩුවක් ගතකරමින් සිටියදී ලී ජෝන් එෆ් කෙනඩි සමඟ අනියම් සබදතාවක් පවත්වා ඇති අතර 1964 වන විට, ලී එදිරිවාදිකම් තරගයෙන් ඉදිරියට ගොස් ග්‍රීක නාවික අධිපති ඔනාසිස් සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව කරුණු දක්වා ඇත. ඔනාසිස් වනාහී ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයෙකි. ලී තම සැමියා වූ කුමාරයා අතහැර ඔනාසිස්ව ඇගේ දෙවන සැමියා ලෙස විවාහ කර ගැනිම සලකා බැලීමට පටන්ගෙන තිබූ අතර කෙසේ වෙතත්, අවසානයේදී, ඔනාසිස් සමඟ විවාහ වී ජැකී යළිත් වරක් එදිරිවාදිකම් තරගයෙන් ඉදිරියට පැමිණියේය.

 

  • III වන සුල්තාන් මෙහමඩ් ඔහුගේ සහෝදරයන් සහ සුළු සහෝදරයන් 19 දෙනා ඝාතනය කිරීමෙන් ඔටෝමාන් අධිරාජ්‍යයේ පාලනය ලබා ගත්තේය

    III වන සුල්තාන් මෙහමඩ්

ඔටෝමාන් අධිරාජ්‍යයේ පාලකයන් අතර බලය වෙනුවෙන් තම සහෝදර සහෝදරියන් ඝාතනය බහුලව දක්නට ලැබුණි. කෙසේ වෙතත්, 16 වන සියවසේ කොන්ස්ටන්ටිනෝපල්හි ප්‍රමිතීන්ට අනුව, III වන සුල්තාන් මෙහමඩ් විශේෂයෙන් දරුණු චරිතයක් විය.

III මුරාඩ්ගේ මරණයෙන් පසු ඔහු සිංහාසනයට පැමිණි විට, ඔහු සෑම තැනකම ප්‍රතිවාදීන් හා සතුරන් දුටුවේය. එය ව්‍යාකූල තත්වයක් නොව යථාර්ථවාදි තත්වයක් වුයේ ඒ කල සුල්තාන්වරුන්ට භාර්යාවන් කිහිපදෙනෙකු සිටි හෙයිනි. නීතිමය කලත්‍රයන් මෙන්ම ඔවුන්ගේ උපභාර්යාවන්දට දාව උපන් දරුවන් රාශියක් සිටි හෙයින් සිංහාසනයට උරුමකරුවන් විය හැකි කිහිප දෙනෙක් සිටියහ. මෙවන් පසුබිමක් තුල පාලකයන් එවැනි ප්‍රතිවාදීන් ගැන සැලකිලිමත් වූ අතර ඔවුන් ඔබේම සහෝදරයන් වුවද මෙම තත්වය වෙනස් වූයේ නැත.

1566 දී උපත ලද III වන මෙහමඩ් 1595 ජනවාරි මාසයේදී සුල්තාන් ලෙස නම් කරන ලද අතර සිංහාසනය දක්වා වූ ඔහුගේ ගමන පහසු එකක් නොවීය. එකළ අනෙකුත් රාජකීය සම්ප්‍රදායී ක්‍රම මෙන් නොව ඔටෝමාන් අධිරාජ්‍යය තුළ, වැඩිමහල් පුතාට තම පියාගේ ධනය හෝ බලය උරුම වනු ඇතැයි සිතීම උගහටය. ඒ වෙනුවට, ඕනෑම පුතෙකුට – නීත්‍යානුකූල හෝ අවජාතක – හිමිකම් පෑමක් කළ හැකිය. ඉතා සරළව කිවහොත්, එය වඩාත් ශක්තිමත් අයගේ පැවැත්මයි. එපමණක්ද නොව, අධිරාජ්‍යය හැකිතාක් සුමටව හා සාමකාමීව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා, නව සුල්තාන්වරයෙක් ඕනෑම ප්‍රතිවාදීන් මරණයට පත් කරනු ඇතැයි එකල අපේක්ෂා කරන ලදි. ඇත්ත වශයෙන්ම, මෙහමඩ්ගේම පියා විසින් මෙය නීතියක් බවට 1477 දී පත් කර ඇත.

එවකට පැවති වාර්තාවලට අනුව, මෙහමඩ් ඔහුගේ සහෝදරයන් 19 දෙනා සහ අර්ධ සහෝදරයන් 19 දෙනා මරා දමා ඇත. එපමණක්ද නොව මෙම ඝාතන සදහා ඔහුට බිහිරි ගොළු සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් පුද්ගලික ආරක්ෂකය කණ්ඩයක් තිබුණි. දින කිහිපයක් ඇතුළත, සිංහාසනයට පැමිණිය හැකි සියලු ප්‍රතිවාදීන් ඔවුන්ගේ නිවෙස්වල දී ගෙල සිරකර මරා දමා තිබුනි .

කුරිරු හා විය හැකි නමුත් නීතිගත කළ සහෝදර සහෝදරියන් ඝාතන ප්‍රතිපත්තිය හේතුවෙන් ඔටෝමාන් අධිරාජ්‍යය වසර 500 කට වඩා වැඩි කාලයක් පැවතුන අතර 1923 වන තෙක් ආසියාවේ සහ යුරෝපයේ විශාල කොටස් අල්ලාගෙන සිටියේය. රාජවංශික යුද්ධ සහ බල අරගල සාපේක්ෂව අවම වූ අතර සුල්තාන්ගේ බලය ඉතා ප්‍රභල විය.

 

  • එංගලන්තයේ පළමුවන හෙන්රි රජු තම සහෝදරයා වන රොබට් කුතෝස් ගැන කොතරම් කනස්සල්ලට පත්වී ඇත්ද යත්, ඔහු තම සහෝදරයාගේ රාජ්‍ය ආක්‍රමණය කර වසර 40 කට වැඩි කාලයක් සිරගත කළේය

ඝාතන
එංගලන්තයේ පළමුවන හෙන්රි රජු

විලියම් රජු බුද්ධිමත් හා සුපරීක්ෂාකාරී මිනිසෙකි. 1066 ඔහුගේ සාර්ථක ආක්‍රමණයෙන් පසු ඔහුට එංගලන්තය සහ නෝර්මන්ඩි රාජධානි දෙකක් යටත් විය. ඔහුට පුතුන් හා දියණියන් කිහිප දෙනෙකුද සිටි අතර ඔහුගේ උරුමක්කාරයා කවුදැයි කල්පනා කිරීමට සෑහෙන කාලයක් ගත කළේය.

සම්ප්‍රදායට අනුකූලව ඔහුගේ වැඩිමහල් පුත් රොබට් කර්තෝස් සිහසුනේ නියම උරුමක්කරු විය. නමුත් රොබට් සහ ඔහුගේ බාල සොහොයුරා වන හෙන්රි කිසිසේත් එකිනෙකා හා නොගැලපෙන බව රජු දැන සිටියේය. රිචඩ්ට තම මරණයෙන් ඔටුන්න ලබා දීම සහෝදර සහෝදරියන් දෙදෙනා අතර සම්පූර්ණ යුද්ධයකට තුඩු දෙනු ඇතැයි යන බියෙන් ඔහු තුන්වන මාවත තෝරා ගත්තේය. එ, 1087 දී, තවත් පුතෙකු වූ, දෙවන විලියම් (විලියම් රූෆස් ලෙසද හැඳින්වේ) රජු ලෙස කිරුළ භාර කිරීමය.

කෙසේවෙතත්, ඔහුගේ පාලනයට වසර 13 ක් වැනි කෙටි කාලයකට සීමා වුයේ දෙවන විලියම් හදිසියේ මිය යාමත් සමගය. දඩයමේ යමින් සිටියදී ඔහුට ඊතලයක් වැදී මිය ගිය අතර මෙම සිදුවීම හදිසි අනතුරක් බව මුලින් සදහන් වුවත් වෙනත් සමකාලීන මූලාශ්‍ර මෙන්ම බොහෝ ඉතිහාසඤයින් එය බැහැර කර ඇත.

කෙසේ හෝ ඔටුන්න හිමි කර ගැනීම සඳහා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ හෙන්රි ය. ඔහු 1100 දී එංගලන්තයේ පළමුවන හෙන්රි රජු සහ නොර්මන්ඩි ලෙස නම් කරන ලදී. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන රිචඩ් නොර්මන්ඩි හි ආදිපාදවරයා ලෙස නම් කළේය. කෙසේවෙතත්, මේ පිළිබදව රිචඩ් සතුටින් නොසිටි අතර, ඔහු නියම රජ විය යුතුය යන විශ්වාසය සැඟවීමට උත්සාහ කළේ නැත.

දෙදෙනා අතර සහෝදර එදිරිවාදිකම් වසර කිහිපයක් පැවතුන අතර රොබට් නිතර නිතර රජකම පිළිබදව පැමිණිලි කළ නමුත් නෝර්මන්ඩි හි පිට නොවීමට වග බලා ගත්තේය.

කෙසේවෙතත්, 1105 වන විට මෙම සහෝදර එදිරිවාදිකම් උච්චම අවස්ථාවට පැමිණි අතර හෙන්රි රජුට ලැබුණු පැමිණිල්ලකින් රොබට් බීමතින් හා කම්මැලි වී සිටි බවත්, නෝර්මන්ඩි වැසියන් තවදුරටත් ඔහුට ගරු නොකරන බවත් සැලවිනි. මෙම සිද්ධියත් සමග හෙන්රි රජු නෝර්මන්ඩි ආක්‍රමණය අතර 1106 සැප්තැම්බර් මාසයේ ටින්චෙබ්රේ සටනේදී සහෝදරයන් දෙදෙනා මුණ ගැසුණි. හෙන්රි ඉන් ජයගත්තේය.

ඔහුගේ ලොකු සහෝදරයාව මරා දමනවා වෙනුවට ඔහු ඔහුව සිරකරුවෙකු ලෙස ගෙන නැවත බ්‍රිතාන්‍යයට ගෙන ආ හෙන්රි රජු, රිචඩ් ඉංග්‍රීසි බලකොටුවකත් පසුව කාඩිෆ් බලකොටුවෙත් සිරගත කරනු ලැබීය.

ඔහු 1134 දී ඔහුගේ වේල්ස් සිර මැදිරිහකදී මහලු මිනිසෙකු හා සිරකරුවෙකු ලෙස මිය ගියේය. ඔහුගේ කුඩා සහෝදරයා තවත් වසරක් රජකම් කෙරු අතර ස්වාභාවික හේතූන් නිසා මිය ගියේය.

 

  • ආදර උදෙසා ටජ්මහල ඉදිකෙරු ෂා ජහාන් බලය ලබා ගැනීමට තම සහෝදර සහෝදරියන් අන්ධ කර සිරගත කොට මරා දැමූ පාලකයෙකි.

ෂා ජහාන්

පස්වන මෝගල් අධිරාජ්‍යයා වන ෂා ජහාන් තමන් විසින් නිමකල වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සඳහා වඩාත් ප්‍රසිද්ධය. ඉන් වඩාත්ම ප්‍රසිද්ධ, ඔහුගේ ප්‍රියතම බිරිඳ කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමයේ සාක්ෂියක් ලෙස ඉදිකරන ලද ටජ්මහලය. නමුත් ඔහු ආදරවන්තයෙක් පමණක්ම නොවීය. එවකට සිටි සියලුම පාලකයින් මෙන්, ෂා ජහාන් ද ඇදහිය නොහැකි තරම් කුරිරු මිනිසෙකි, විශේෂයෙන් ප්‍රතිවාදීන් වළක්වාලීමේ දී එම ප්‍රතිවාදීන්ගෙන් එක් අයෙකු ඔහුගේම සහෝදරයෙකු වුවද, අවසාන ක්‍රියාමාර්ගය ගැනීමට ඔහු පසුබට නොවීය.

1592 උපත ලැබූ මිර්සා ෂහාබ්-උද්-දින් බේග් මුහම්මද් ඛාන් කුරාම් එකල මෝගල් අධිරාජ්‍යයා වූ ජහංගීර්ගේ තුන්වන පුත්‍රයා විය. අධිරාජ්‍යයාගේ පුතුන් සිව් දෙනාගෙන් අතුරින් තම පියා අනුගමනය කළ හැකි හොඳම මිනිසා ලෙස ඔහුව සැලකුණු අතර කෙසේ වෙතත්, ඔහු සිංහාසනයට පත්වීම ගැන කිසිදු සහතික නොවීය.

1627 අවසානයේ ජහංගීර් මිය යන විට, තරුණයන් සිව්දෙනාම පාලනය සඳහා තරඟ කළහ. අවසානයේ දී අනුප්‍රාප්තික යුද්ධය කෙටි එකක් විය. තුන්වන දරුවා ලෙස උපන් මිර්සා ෂහාබ්-උද්-දින් බේග් මුහම්මද් ඛාන් කුරාම්, 1628 පෙබරවාරියේදී ෂා ජහාන් ලෙස කිරුළු පලදින ලදී.

ඔහු රජවන විටත් ඔහුගේ ප්‍රතිවාදීන් වු ඔහුගේ සහෝදරයන් ජිවත්ව සිටි අතර ඔහුගේ එක් සහෝදරයෙක් අන්ධ වී මරා දැමීමට පෙර ටික වේලාවක් සිරගත කරන ලදී. අනෙක් සහෝදරයන්ටද එම ඉරණම ම උරුම වූ අතර තවත් ප්‍රතිවාදීන් හා තර්ජන කිහිපයක්ම ඒ හා සමානව අවසන් කරන ලදි.

ඔහුගේ සහෝදරයන් ඝාතනයත් සමගම ෂා ජහාන්ට වසර 30 ක් අධිරාජ්‍යය පාලනය කිරීමට නිදහස තිබුණි. ඔහු යටතේ මෝගල් අධිරාජ්‍යය සාපේක්ෂ ස්ථාවරත්වයක් හා සමෘද්ධියක් ලගාවිය. ෂා ජහාන් මිනීමරුවෙකු හා සහෝදර ඝාතකයෙකු වුවත් ඉගෙනීමේ හා සංස්කෘතියේ දක්ෂයෙක් වූ අතර වාස්තු විද්‍යාත්මක විප්ලවයක් අධීක්ෂණය කළේය. ටජ්මහල ඔහුගේ පාලන සමයේ උච්චතම අවස්ථාව විය. 1657 දී ඔහු බරපතල ලෙස රෝගාතුර වූ අතර ඔහුගේ පුතුන් අතර තවත් අනුප්‍රාප්තික යුද්ධයක් ඇති විය. තුන්වන වැඩිමහල් පුත් ජයග්‍රාහී ලෙස රජ වූ අතර හෙතෙම තම පියා නිවාස අඩස්සියේ තැබීය. වසරකට පමණ පසු ෂා ජහාන් තම මාලිගයේ සිරකරුවෙකු ලෙස මිය ගියේය.

 

  • ඇඩොල්ෆ් සහ රුඩොල්ෆ් ඩැස්ලර්ගේ එදිරිවාදිකම් කෙතරම් තීව්‍රද යත් එය මුළු ජර්මානු නගරයක්ම දෙකට බෙදුනි, නමුත් එය ලෝකයට සුවිශේෂී ක්‍රීඩා වෙළඳ නාම දෙකක් ලබා දුන්නේය

addidas

ඩැස්ලර් සහෝදරයින්ට ජර්මනියේ රොමුලස් සහ රෙමස් ලෙස හැදින්වු අතර ඔවුන් නගර සොයනවා වෙනුවට්, ලොව ජනප්‍රිය වෙළඳ නාම දෙකක් වන පූමා සහ අඩීඩාස් (Puma and Adidas) ස්ථාපිත කළහ.තනි පවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී පසුකාලීනව යෝධ ගෝලීය සංනාම දෙක වර්ධනය වන්නට තරම් ඇඩොල්ෆ් සහ රුඩොල්ෆ් ගේ එදිරිවාදිකම් ප්‍රභල විය. සහෝදරයන් දෙදෙනාම ව්‍යාපාරික ලෝකයේ විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තද, ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වෙනස්කම් ඔවුන් පිටුපස තැබුවේ නැත.

දෙවන ලෝක සංග්‍රාමයට ජර්මනිය ඇද වැටෙන විට ඩැස්ලර් සහෝදරයන් අවුරුදු 25ක් තිස්සේ ඔවුන්ගේ පවුල් ක්‍රීඩා සපත්තු ව්‍යාපාරය කරගෙන ගොස් තිබුණි. ඔවුන් ද සැලකිය යුතු සාර්ථකත්වයක් භුක්ති විඳිමින් සිටි අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සපත්තු පැළඳීමට එක්සත් ජනපදයේ ජනප්‍රිය කෙටිදුර ධාවන ශුර ජෙසී ඕවන්ස්ව පොළඹවා ගැනීමට පවා ඔවුහු සමත් වූහ.

එහෙත්, 1930 ගණන් වන විට,දෙදෙනා අතර එදිරිවාදිකම් ඉහළ මට්ටමක පැවතුනි. කතාවේ සමහර අනුවාදයන්ට අනුව, කඩවසම් රුඩොල්ෆ් ඔහුගේ සරල පෙනුමැති සහෝදරයාගේ බිරිඳ සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙය සත්‍යයක් වුවත් නැතත්, යුද්ධය අවසන් වන විට දෙදෙනා දැඩි ප්‍රතිවාදීන් බවට පත්වූහ. දෙදෙනාගේම අදහස වූයේ ඔවුන්ගේ උපන් නගරය වන හර්සොජෙනෝරාච් හි නැවතී සිට සිය ව්‍යාපර කිරීම වුවත්, ඔවුන් නැවත එකට වැඩ නොකෙරු අතර ඇඩොල්ෆ් ගඟ තරණය කර අඩීඩාස් පිහිටුවා ගත්තේය. රුඩොල්ෆ් අනෙක් ඉවුරේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කොට එයට පූමා යන නම තැබීය. එදා සිට මෙම ආයතන අතර එදිරිවාදිකම් බිහි විය.

මෙම එදිරිවාදිකම කොතරම් බලවත් වී ද යත් දශක ගණනාවක් තිස්සේ මුළු හර්සොජෙනෝරාච් නගරය දෙකට බෙදා ඇති බව කියනු ලැබේ. ඔබ අඩීඩාස් කම්හලේ සේවය කළේ නම්, ඔබට ඔබේම වෙන්වූ මත්පැන්හල්, සමාජ ශාලා සහ අවන්හල් තිබී ඇති අතර, පූමා සේවකයෙකු සමඟ ඇසුරු කිරීම තහනම් විය.

මෙය දශක ගණනාවක් තිස්සේ පැවතුන අතර සමාගම් දෙක සැබවින්ම පාලම් තැනීමට පටන් ගත්තේ 2009 දී නගරයේ සුහද පාපන්දු තරඟයක් පැවැත්වූ අවස්ථාවේදීය. නගරය භේදයෙන් ඉදිරියට යද්දී සහෝදරයන් දෙදෙනා කිසි විටෙකත් සිය එදිරිවාදිකම් අතහැර ගත්තේ නැත. රූඩි ගේ අවසන් අවස්ථාවේ පවා ඔහුව බැලීමට පූජකවරයාගේ කැඳවීම ප්‍රතික්ෂේප කිරීමට ආදි කටයුතු කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *