ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ ඇත.

අදාල ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද එම අවසරය දී නැතැයි දැනගන්නට තිබේ.

මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *