මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම විශේෂත්වයකි.

මෙම විවාදය පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැත්විණ.

මෙම විවාදයේදී හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වන බවට  පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශවිය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් තමාට තොරතුරක් ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇතිවිය.

හිටපු ජනාධිපතිවරයා මෙම විවාදයේදී ඒ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන්  සිටියත් එය සිදු වූයේ නැත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව  කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *