’’රනිල්ට ඉඩ දෙමු’’ – රට වටා යතුරු පැදි රැළිය

“රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය” කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින්  ඇරැඹිණි.

රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ  මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ මෙම යතුරු පැදි රැලිය සංවිධාන කරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික  යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන වල පැරණි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම යතුරු පැදි රැළිය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *