දකුණු කොරියාවේ පදිංචියට යන්නේ නෑ

තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත. දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි.

මා වෙත අධිකරනයේ වාරන නියෝගයක් තිබෙන බැවින්, පක්‍ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නඟර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්‍ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇත.” යැයි ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *