එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන COVID-19 වෛරසය ආසාදිත ශ්‍රී ලාංකීකයන් හොඳ තත්ත්වයෙන් පවතින රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සමාජ මාධ්‍යවල සංසරණය අසත්‍ය ප්‍රචාර හා වීඩියෝ දර්ශන විශ්වාස නොකරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙන්ම සුභසාධන සංවිධාන සහ අනෙකුත් ප්‍රජා හා ආගමික සංවිධානද සමග එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකීකයින්ට වියළි ආහාර සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍යද බෙදා හැරීමට කටයුතු කර තිබෙන බවටද වැඩිදුරටත් වාර්තා වේ.