උසස් පෙළ ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කිරීමට ගුරුවරුන්ට කෝටි 45ක දීමනාවක්

උසස් පෙළ විභාග පිළිතුරු පත් ඇගයීම් කරන ගුරුවරුන් වෙනුවෙන් මෙම වර්ෂයේ සිට විශේෂ දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම දීමනාව සඳහා පමණක් අවශ්‍ය රුපියල් කෝටි හතළිස් පහක් ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙහි අරමුණ වන්නේ ඇගයීම් සඳහා ගුරුවරුන් වැඩිපුර යොමු කර ගනිමින් විභාග ප්‍රතිඵල මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළදි නිකුත් කිරීමයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක අදියර තුන අදියර දෙක දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබේ. පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අදියර තුනක් ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රමාණවත් පිරිසක් ඒ සඳහා යොමු නොවන නිසා බවටත්, විශේෂ දීමනාවක් ලබා දීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකි බවටත් අධ්‍යාපන අමාත්‍යාංශ විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *