ඊයේ දිනය තුළ කොවිඩ් ආසාධිතයින් 106ක්, රාජාංගනයෙන් ආසාදිතයින් 06ක්

කොවිඩ් ආසාදිතයින් 106ක් ඊයේ (12) දිනය අවසානයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කොරෝනා ආසාදිත කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකවරයා හරහා රාජාංගනය ආශ්‍රිතව ආසාධිතයින් 06 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයෙන් සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76 කට හා එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතර බෙලාරූස් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 05 දෙනෙකුටත්, ඉරානයේ සිට පැමිණ ගාල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා ඩුබායි සිට පැමිණි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2617ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *