ජනතාව, දේශපාලඥයන් සීමාවන් ඉක්මවා යාම කොවිඩ් යළි ව්‍යාප්තියට බලපෑවා – අනිල් ජාසිංහ

පසුගිය කාල සීමාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයයත් සමගම රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර අදාළ සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීම මගින් කොවිඩ් වෛරසය යළි ව්‍යාප්ත වීම බලපෑ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම කාල සීමාව තුළදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බව පවසන ඒ මහතා ආර්ථිකය ගොඩ නැගීම, දෛනික ජීවිතය පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින් රට විවෘත කළ බවද ප්‍රකාශ කර සිටියා. එහෙත් නීති ලිහිල් කිරීම ජනතාව දේශපාලනඥයන් සහ ආයතනද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකමින් එය සැහැල්ලුවට ගත් බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *