කන්දකාඩු කොවිඩ් පොකුරේ ආරම්භය පිළිඹදව සැකයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොවිඩ් වෛරසය පැමිණියේ ජා-ඇල, සුදුවැල්ල ප‍්‍රදේශයේ හටගත් ආසාධිත පොකුරෙන් බවට සෞඛ්‍ය අංශ සැක පළ කර සිටී. සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හදුනා ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිරිසක් නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීමෙන් පසුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බවටයි සැක පළ කෙරේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිස 1,140 ක් වන අතර ඔවුන් සියළු දෙනා PCR පරීක්‍ෂණ සදහා යොමු කිරීමටයි මේ වනවිටත් පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *