ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 21ක්, 19 ක්ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 21 දෙනාගෙන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බවයි. සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය වන බවත්බ යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

මේ අතර ඊයේ දින කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *