ඊයේ කොවිඩ් ආසාදිත 11න් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (18) දිනයේදී වාර්තා වූ අතර, ඉන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අයෙක් බවට වාර්තා වේ.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 98 දෙනෙකු අද (19) සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

ඊයේ දිනය වන විට මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 991ක් ලෙසට වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *