ඉල්ලා අස්වෙන්න සූදානම් – දයාසිරි

තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“මම ප්‍රකාශයක් කළා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් මම ඉල්ලා අස්වීමට සුදානම්, ඒක භාර අරන් කවුරුහරි වැඩ කරනවා නම් වැඩකරන්න කියලා. ඒකට මගේ එකඟතාවය තියෙනවා. කවුරුත් ඉල්ලන නිසා නෙමෙයි. අපේ පක්ෂය තීන්දු කරනවා නම්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා නම්, පක්ෂ නායකතුමා කියනවා නම් කරුණාකරලා අයින් වෙන්න කියලා‍ මම අයින්වෙලා ඒක දෙන්න සුදානම්. කිසි ගැටලුවක් නෑ. මේ වගේ හැමදාම ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒකට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ලැබුණොත් හෙට උදේ අයින් වෙන්න කියලා. මම අයින්වෙලා නිකන් ඉන්නවා.“

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ඉතිහාසයේ සිදුවීම් අමතක කිරීම කුහකකමක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *