ඉතිරි ෆයිසර් එන්නත් මන්නාරමේ ධීවරයින්ට

පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන් 1,130ක් සඳහා ඊයේ  යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදුන් බව ද යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

එයින් ඉතිරි සිසුන් පිරිසට අද සහ හෙට දෙදින තුළ ද ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *