ඉන්දුනීසියා

ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට ගිය මව්ලිවිවරු දෙදෙනෙකුටත් කොරෝනා

ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට සහභාගී වී නැවත පැමිණි තවත් මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඊයේ රෝහල්ගත කර තිබේ.

ඒ පුත්තලම කාසිම් නගරයේ පිහිටි ඔවුන් පදිංචි නිවෙස්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සිදු කළ පරීක්ෂාවකදීයි.

ඔවුන් දෙදෙනා හැට පස් හැවිරිදි හා හැට එක් හැවිරිදි වියෙහි පසුවන අතර සෞඛ්‍ය අංශ විසින් ඊයේ දිනයේදී ඔවුන් දෙදෙනාම මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඊට පෙර සෞඛ්‍ය අංශ මොවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඉන්දුනීසියාවේ සිට පැමිණීමෙන් පසුව ඔවුන් දෙනො නිවසින් පිටතට නොගිය බවයි.

කෙසේ වෙතත්, ඔවුන් දෙවස්ථානයක ආගමික වතාවත්වලට සහභාගී වී ඇති බව තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේන අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මොවුන්ගෙන් හැට එක් හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

එමෙන්ම ඔහු පසුගිය 18වනදා මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය උත්සවයකට ගොස් ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව මන්නාරම තාරාපුරම් ප්‍රදේශය ද අද සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *