ඉන්දියාව සුපිරි හතරදෙනාගේ වටයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි නේපාල ආරම්භක පිතිකරුවන් යුගළ මුල් පන්දුවාර 5දී ලබාදුන් උඩ පන්දු 3ක් ඉන්දීය ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය.

ඒ අවසරයෙන් ඵල නෙලා ගත් නේපාල අරම්භක පිතිකරුවන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුවේය.

අසීෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළ අතර සොම්පල් කමි ලකුණු 48ක් රැස් කළේය.

ඒ අනුව, නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කිරීමට සමත්වුණි.

ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිතිකරුවන් යුගළ පන්දුවාර 2යි එක් පන්දුවක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුනි.

ඒ වන විට ඉන්දිය කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 17කි.

යළි තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23කදි ලකුණු 145ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි එක් පන්දු අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු  147ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *