ඉදිරි පස්වසර ඇතුලත වකුගඩු රෝගය මෙරටින් තුරන් කරනවා – මහාචාර්ය චන්න ජයසුමන

ඉදිරි වසර පහක කාලය තුළ වියළි කලාපීය වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි යැයි විශ්වාසය පළ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මාධ්‍ය ඇමතු ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“ඉදිරි කාලසීමාවේදී වකුගඩු රෝගීන්ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පසු ගිය වසර 5ක කාලය තුළ අප විසින් කළ පර්යේෂණ වල ප්‍රතිඵල වලට අනුව බෙල්ජියම් පර්යේෂණ කණ්ඩායමක් සමගින් වකුගඩු රෝගයට හේතුවන කරුණු කාරණා නිශ්චිතවම හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු පාලන සමය අවසන් වන ඉදිරි වසර හතරහමාරක පහක කාළය තුළදී වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකියාව පවතී යැයි දැඩි විශ්වාසයක් මට තියෙනවා.” යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එමෙන්ම ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 50ක ප්‍රමාණයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *