ඉදිරි දින කීපයේදී ප්‍රභල අකුණු, අනතුරු අවම කරගැනීමට පියවර ගන්න

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතීන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

අද (12) උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින(12) දහවල් 12:11ටමුරුන්කන්, මාමඩුව, අළුත් හල්මිල්ලෑව සහ කුච්චවේලි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *