ඇල්පිටිය ප්‍රා.ස. නාම යෝජනා කැඳවයි

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ලබන මස 9වනදින සිට  12 වනදින දක්වා  නාම යෝජනා කැඳවන බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච් .ආර්.විජය කුමාර මහතා පැවසිය.

11වැනි දින  දින දහවල් 12දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

අධිකරණ ක්‍රියා මාර්ගයක් නිසා 2018 පෙබරවාරි 10වනදින පැවති පළාත් පාලන මැතිවරණයේදි ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් ඡන්ද විමසිම සිදු කරන ලැබුවේ නැත.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට තෝරා පත්කර ගන්නා සභික සංඛ්‍යාව 28ක් වන අතර ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 55,643කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *