ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිඹදව නවතම නිවේදනය

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

  • කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
  • මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ. මේ දිස්ත්‍රික්ක 03ට අයත් ඉහත සදහන් බලප්‍රදේශ හතර හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
  • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව පොලිස් බල ප්‍රදේශ,
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
කළුතර දිස්ත්‍රික්කයට අයත් : බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම පොලිස් බල ප්‍රදේශ

  • මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.
  • ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

ඇදිරිනීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *