ඇඳිරි නීතිය ලිහිල් කළත් කෝවිඩ්-19 පාලන ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මකයි

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ්-19 උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා සති 4ක කාලයක් දිවයිනට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළ බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේ දී වගකීමෙන් කටයුතු කිරීම රටවැසි ජනතාවගේ යුතුකමක් වන බවත් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහයෝගය ලබා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *