LK reports news sinhala

ඇඳිරි නීතිය නිසා බස්නාහිර පළාතේ සිරවී සිටින අයට ගම්බිම් බලා යාමට වැඩපිළිවෙළක්

පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ තාවකාලික නවාතැන්පොළවල සිරවී සිටින පුද්ගලයින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ෆ්ලීට් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කරයි. යි.

නැවත ගම්බිම් කරා යාමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම පිරිස් දැඩි පීඩාවට පත්ව සිටින බවට අනාවරණ වූ බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව නිසි ක්‍රමවේද භාවිත කරමින් කඩිනමින් ඔවුන් ගම්බිම් බලා ප්‍රවාහනය කරනු ඇති.

එමෙන්ම තමන් එලෙස පීඩාවට පත්ව සිටී නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය දැනුවත් කරන ලෙස ද ආණ්ඩුකාරවරයා එම පුද්ගලයින්ට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *