LK reports news sinhala

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් සංඛ්‍යාව 26,637ක්

අද (14) පෙරවරු 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඉන් වැඩි දෙනෙක් ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනය යන වැරදි යටතේ අත්අඩංගුවට ගත් අයවේ. මීට අමතරව එම කාලය තුළ වාහන 373 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර ඇදිරිනීතිය ආරම්භ කළ ඉකුත් මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇදිරිනීතිය කඩ කිරීම නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 26,637ක් වන අතර පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 6,799ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *