ඇඳිරි නීතිය ඉවත් කළ වහාම සමූපකාර විවෘත කරන්න – සමුපකාර සංවර්ධන කොමසාරිස්

සියලුම විවිධ සමූපකාර සමිතිවලට අයත් පාරිභෝගික වෙළඳසැල් රජය මගින් පනවා ඇති ඇදිරි නීතිය ඉවත් කළ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සදහා විවෘත කරන ලෙසත්, සමූපකාර වෙළඳසැල් වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතී නම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස් මඟින් සීමාසහිත ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය සමග සම්බන්ධ වී භාණ්ඩ තොග ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් සමූපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් සුවින්ද එස්.සිංගප්පුලි මහතා දැනුම් දෙයි. ඔහු පවසා සිටින්නේ සීමාසහිත ශ්‍රි ලංකා සමුපකාර අලෙවි සංගමය සතුව සමුපකාර සමිති සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත්ව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *