ඇඳිරි නීතිය ඉවත් කළත් අනුරාධපුරයේ නගර 3ක් වසා දැමේ

අද (30) උදෑසන 6 ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළද එම කාල සීමාව තුළදී අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන නගරවල සියලු වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර තිබේ.

අකුරණ ප්‍රදේශයේ පෙරේදා (28) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගත් අතර, එම පුද්ගලයා මෙම ප්‍රදේශයන්හි ගැවසී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මෙම හේතුව නිසා අද දිනයේ දී කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳසැලක් විවෘත නොවෙනු ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය බැංකු, ඉන්ධන පිරවුම්හල් හා ඖෂධ වෙළඳ සැල් ‍හෙට දිනයේ විවෘතව පවතින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *