ඇදිරිනීතිය නිසා වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. ඒ Covid-19 වසංගතය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන පරිසරයට බලපෑම් එල්ලවන මිනිස් ක්‍රියාකරකම් සීමා වීම හේතුවෙන්.

ඊයේ සවස 4.00 වන විට කොළඹ නගරයේ වායු ගුණාත්මක මට්ටම 55 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලයේ, වායු ගුණාත්මක දර්ශකයේ දත්තවලට සටහන් වී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.එඩ්.එස්.ප්‍රේමසිරි පවසා සිටියේ වාහන සංචලනය අඩුවීම නිසා මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි. පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පෙර පැවති තත්ත්වය සමග සංසංදනය කිරීමේදී වායු දූෂණය විශාල වශයෙන් වෙනස් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉකුත් නොවැම්බර් මාසයේදී මෙරට වායු දූෂණ මට්ටම ඉතා ඉහළ අගයක් සටහන් විය.

එමෙන්ම කාර්මික අපජලය ජල මාර්ගවලට මුදා හැරීම නතර වීම හේතුවෙන් කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවයද ඉහළ ගොස් ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය පසුගියදා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *