ඇදිරිනීතිය ඉවත් කළ විට එම කාලසීමාව අවභාවිතා නොකර ශාරීරික දුරස්ථ භාවයෙන් හැසිරෙන්න – යුධ හමුදාපති

ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න ලෙසත් ඇදිරිනීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ වෙළඳ සැල් සියල්ල විවෘත කර සියලු බඩු බාහිරාදිය ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

හෙට (30) දින ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ දැනුම් දීමක් සිදු කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරයි.

හෙට (30) දින ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර පාන තිබෙන වෙළඳ සැල් හිමියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, එම වෙළඳ සැල් සියල්ලම ඇදිරි නීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ විවෘත කරලා, මහජනතාවට පහසු වන ආකාරයට බඩු බාහිරාදිය ලබාදෙන්නට කටයුතු කරන්න කියලා. වෙළඳ සැලේ පාරිභෝගිකයන්ට අවශ්‍ය බඩු බහිරාදිය තිබෙනවා නම්, ඒ සියලු බඩු බාහිරාදිය ජනතාවට ලබාදීමට කටයුතු කරන්න කියලා ඉල්ලාසිටිනවා. මහජනතාව තමන්ගේ කඩයට ඇතුළත් කර ගැනීමේ දී සමාජ දුරස්ථභාවය රඳවාගෙන ඇතුළට ගන්න කියලා ඉල්ලා සිටිනවා.

එමෙන්ම මහජනතාවගෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටිනවා, එකම කඩයකට එක් රැස්වෙන්නේ නැතුව, කඩවල්වලට බෙදිලා ගිහිල්ලා, හැකිතාක් ශාරීරික දුරස්ථභවය රදවාගෙන තමන්ට අවශ්‍ය බඩු ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා

කොරෝනා වෛරසය ඉතාම භායනකයි. ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න කියා ඉල්ලා සිටිනවා. තමන් රැකෙන්න තමන් ම කටයුතු කරන්න. තවත් පුද්ගලයෙක් ට ආසාදනය නොවන ලෙස කටයුතු කරන්න. සියලු කඩ ඇරල මහජනතාවට බඩු විකිණීමට කටයුතු කරන්න යැයි ද හමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *