ආසාදිතයින් පිළිඹද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අපිට අවිශ්වාසයි – මනෝ ගනේෂන්

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සම්බන්ධව රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳ තමාට විශ්වාසයක් නොමැති බව දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ දැනට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳ විශ්වාසයක් නොමැති බවත්, තමන්ට මෙන්ම මුළු රටටමද ඒ පිළිඹද විස්වාසයක් නොමැති බවත් ආණ්ඩුවට මේ වෙලාවේ තියෙන කැත හදිස්සිය තමන් ඔප්පු කර ඇති බවත්ය.

ඒ නිසාවෙන් අදාළ සංඛ්‍යාවන් එළිදැක්වීම වැලැක්වීමට ආණ්ඩුව කටයුතු කරන බවත් බුද්ධි අංශ මඟින් සොයා ගත් කරුණු ‍රටට හෙළි කරන ලෙසත් ඉන් අනතුරුව මැතිවරණයක් සඳහා යා යුතු බවත් මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *