ආරක්ෂක ලේකම් උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පළාතේ සංචාරයකට එක්වී තිබේ.

ආරක්ෂක ලේකම්වරයා යාපනය, කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීම සදහාත් වර්තමානයේ උතුරු පළාතේ ආරක්ෂක තත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් උතුරු පළාතේ සංචාරයේ නිරතවන බවත් ආරක්ෂක අංශ සාමාජිකයින් පවසයි.

කොරෝනා වසංගත තත්වය මත යාපනය දිස්ත්‍රික් ජනතාවගේ තත්වය, උතුරු පළාත් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටත් නව වසර වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට සුභ පැතීමටත් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළ බවටත් වාර්තා වේ. එමෙන්ම අද (17) සවස වන්නි ආරක්ෂක අංශ සාමාජිකයින් සමඟ සාකච්ජාවක් පැවැත්වීමටද ආරක්ෂක ලේකම්වරයා කටයුතු සංවිධානය කොට ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *