ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා තම නිෂ්පාදන ක්‍රියාවලීන් යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මෙම නිෂ්පාදන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා මඟපෙන්වීම ආයෝජන මණ්ඩලය මඟින් ලබාදේ.
ඒ අනුව අදාළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා ranjithd@boi.lk විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා ඉල්ලා සිටියි.


