කිලිනොච්චියේ

ආන්දෝලානාත්මක ෆේස්බුක් සමූහයක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

සමාජය තුළ දැඩි විවේචන එල්ල වූ ෆේස්බුක් සමූහයක් වන “අම්මලාට ආසා කොල්ලෝ” සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු වන අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියා.

ආන්දෝලනාත්මක ෆේස්බුක් සමූහයක් වූ මෙම සමූහයේ සාමාජිකයෝ 600කට ආසන්න පිරිසක් සිටිනවා.

සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති බවත් ඔහු අවිවාහකයකු අයෙකු වන බවත් පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *