ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන්

අවුරුද්දක් ගිය පසුවත් තාමත් නව රජයෙක් කියලා හඳුන්වා ගන්නවා නම් ඔබතුමාලා බලයට ආවේ ප්ලෑන්  එකක් නැතුවදැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

වැඩ කරන හැටි ඉගෙන ගන්නේ නැද්ද?ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා  දැන් අවුරුද්දක් ගතවෙලා කියනවා. අයන්නේ ආයන්නේ ඉඳන් දැන් ඉගෙන ගන්නේ.ඒක තමයි ඇත්ත.

සභානායක තුමා යූ.එන් රිපෝට් එක පදනම් කරගෙන කතාවක් කළා.සභානායකවරයා ඒක කියෙව්වේ විකෘති කරලා.ප්‍රතිපත්තිමය වශයෙන් බොරු කීම සහ බොරුව තුළින් ආණ්ඩු කිරීම ස්ථාවරයක් හා පදනමක් කරගෙන ඉන්න ආණ්ඩුවකින් ඒ වගේ දෙයක් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.රුපියල් 2138ක මුදලක් වතුකරයේ ජනතාවට පඩි වශයෙන් ලබා දෙන බව ජාතික ජන බලවේගය බලයට එන්න පෙර කිව්වා.අද කම්කරු පඩිය 1300ක් ඇති කියලා ආණ්ඩුව පිළිගෙන තිබෙනවා.

දැන් ඔබලා ආණ්ඩුවේ ඉඳලා අවුරුද්දක් ගත වෙලා.අවුරුද්දකට කලින් ඉඩම් නිදහස් කරනවා යැයි කිව්වා.ඔබලා දැන් අවුරුද්දක් පැරණි රජයක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *