අලි මුතු 6ක් අලෙවි කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අලි ගජමුතු 6ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හිඟුරාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 10ක් සොයාගෙන තිබේ.
මෙම අලි ගජමුතු විකිණීමට සූදානම් කර තිබූ බවට අනාවරණ වූ අතර නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අම්පාර ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
26 හැවිරිදි සැකකරු සහ අලි ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *