රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයෙන් එක් අයෙක් මරුට…

රඹුක්කන විරෝධතාකරුවන්ට විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබූ බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කරයි.

විරෝධතාකරුවන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිසිය පවසයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අසල පැය 8කට අධික කාලයක් ජනතාව දුම්රිය මාර්ගය අවහිර කර තිබුණා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අනතුරුව ගැටුම් හටගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *