අපනයන ආදායම පහළට

මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එම වියදම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසටය.

නමුත් එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87 ක් දක්වා 10%කින් පහත වැටීම විශේෂත්වයකි.

මේ අතර පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මාසයේ ඉන්ධන ආනයන වියදම 45%කින් වැඩිවීම මීට හේතුව බවය.

පසුගිය ජුනි මාසයේ අපනයන ආදායම 19.5% කින් පහත වැටීම ද විශේෂත්වයකි.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන ප්‍රධාන වෙළෙඳපොළ වෙත ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම අඩුවීම ඊට ප්‍රධාන හේතුවය.

මේ අතර මේ වසරේදී කිලෝග්‍රෑම් මිලියන 280 ක තේ නිෂ්පාදනයක් බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *