ගුවන්තොටුපොළ නිලධාරීන් ගැන ඩයනා කලකිරීමෙන්

ජාත්‍යන්තර සංචාරක සම්මාන උළෙලක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා එහි සභාපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හමුවේ කලකිරීමට පත්ව ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

අදාල විදේශිකයාගේද සහභාගිත්වයෙන් කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව අනාවරණ කළේය.

World Travel Awards යනු සංචාරක කර්මාන්තයේ වඩාත්ම කීර්තිමත් සම්මාන වැඩසටහන වන අතර එහිදී සංචාරක, ගුවන් සේවා, හෝටල් සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ප්‍රවීනයන් ඇගයීමට ලක්කෙරෙයි.

එය මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි සභාපතිවරයා සහ ව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට වීසා ලබාගැනීමට යෑමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිලධාරීන්ට චෝදනා කළ අතර ඊට අදාළ සභාපතිවරයා ද එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *