අනුරාධපුර නගරය 27 වනදා දක්වා වසා දැමිමට පියවර

පවතින තත්වය හේතුවෙන් අනුරාධපුර නගරය ලබන 27 දක්වා වසා දැමිමට තිරණය කර තිබේ. කොරෝනා වෛරසය පැතිරිම වළක්වාලිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනුරාධපුර මහනගර සභාවේදි පෙරේදා (21) පැවති විශේෂ සාකච්චාවකදි මෙම තීරණයට එළඹි ඇත. අනුරාධපුර මහා නගරාධිපති එච්.පි සෝමදාස, නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය අංශ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්චාව පැවැත්විණ.

ඒ අනුව පවතින තත්වය හේතුවෙන් රටපුරා ඇදිරි නිතිය විසිතුන්වනදා උදෑසන වනතෙක් පැනවිමට පියවර ගෙන තිබුණු අතර අද (23) දින සිට විසිහත්(27)වනදා දක්වා අනුරාධපුර නගරයේ හෝටල්, ව්‍යාපාරික ස්තාන, සුරාසැල් ඇතුළු ස්තාන වසා දැමෙන අතර ජනතාවට පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනිම සදහා වෙළදසැල් පමණක් විවෘත කර තැබිමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *