LK reports news sinhala

අද සවස 6 සිට ඇඳිරි නීතිය කඩකරන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කෙරේ

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය පුද්ගලයින්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මෙම තත්වය සැලකිල්ලට ගෙන නිවෙස්වලින් පිටතට නොයන ලෙසටත් ඇදිරිනීති බලපත්‍රයක් ලබා ගෙන ඇත්නම් එම බලපත්‍ර අවභාවිත නොකරන ලෙසටත් අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙයි. එවැනි පුද්ගලයින්ට ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *