බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙදී පුද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට තර්ජනය කර ඔහුගේ මොටර් රථයට අලාභ හානි සිදු කළ ප්‍රධාන සැකකරුවකු ඇතුළු තවත් හයදෙනෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දුරස්ථභාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයට ගිය අදාළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් අද (24) උදැසන තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභ හානි සිදුකර තිබුණි.
බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.