මිනුවන්ගොඩ

අටලුගම පිරිස් එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවට පැතිරෙන කටකතාවන්ට පිළිතුරු

හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර ඇති බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයෙන් ඇතැම් පිරිස් රහසිගතව පිටව ගොස් ඇති බවට ඒ ආශී‍්‍රත ප‍්‍රදේශවල රාවයක් පැතිර යමින් තිබේ.

එහෙත් එවැන්නක් සිදු නොවන පරිදි පොලිසිය ඉතා ඕනෑකමන් රාජකාරී ඉටු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර ඇති ගම්මානයකින් පිටව යාම හෝ ඊට අනුබල දීමද දඩුවම් ලැබිය හැකි වරදක් බවද පැවසූ ඔහු බණ්ඩාරගම අටලූගම ගම්මානයෙන් ඇතැම් පිරිස් රහසිගතව පිටව ගොස් ඇතැයි පැතිර යන කටකතා වල කිසිදු සත්‍යයක් නැතැයි ද ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *